එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට අදහසක් නැතැයි සමග ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් පැවසීය.

විපක්ෂ නායක වන සජබ නායක සජිත් ප්‍රේමදාස සමඟ ඉදිරියට දේශපාලනයේ නියැලෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ දිනවල තමා කෑගැල්ලේ සමගි ජනබලවේගේ සංවිධාන කටයුතුවල යෙදී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර සජබ සාමාජිකයන්ට එජාපයට එක්වන ලෙසට මාධ්‍ය හමුවකදී ආරාධනා කිරීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *