සංක්‍රමණිකයන් පැමිණීම බහුල වීම හේතුවෙන් නවසීලන්ත රැකියා වීසා නීති රීති දැඩි කර ඇති බව වාර්තාවේ.
නව නීති රීතිවලට අනුව අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා අනිවාර්යෙන්ම සපුරාලිය යුතු අතර රැකියා සඳහා වසර පහකට ලබා දී තිබූ අවසරය වසර තුනකට අඩු කර තිබේ.
නවසීලන්ත ආර්ථිකය නැවත ගොඩනැගීමේ සැලැස්මට අනුව මෙම නව සංක්‍රමණ නීති දැඩි කර ඇති අතර පසුගිය වසරේ නවසීලන්තයට සංක්‍රමණය වූ පුද්ගලයන් සංඛ්‍යාව 173,000කි.