මේ වන විට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටිය දෙවනත් කරමින් සිටින ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු එක් දින පිටියේ අග රැජින බවට පත්වූවාය.

ඒ අනුව icc මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ නවතම කාන්තා එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත ලකුණු 773ක් ලබා චමරි අතපත්තු ජාත්‍යන්තර කාන්තා එක් දින පිටියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ නැතැලී ස්වීවර් දෙවැනි තැනට ඇද දවමිනි.

දකුණු අප්‍රිකානුවන් සමගින් පසුගියදා නිමාවට පත් වූ තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේදී එක් ශතකයක් හා එක් අ‍ර්ද ශතකයක් සමගින් ලකුණු 258ක් ලබා ගැනීමට අතපත්තු සමත් වූ අතර මෙම උසස් වීමට එම දස්කම් විශේෂයෙන් බලපා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *