චීනයේ දකුණු දිග පිහිටි ගුවන්ඩොංග් පළාතට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 110,000ක් පමණ දෙනාට උන්හිටි දැන් අහිමි වී ඇති අතර එම පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

වැසි කුණාටු තත්ත්වයේ අඩුවීමක් නොමැතිවීම හේතුවෙන් ඊයේ එම ප්‍රදේශයට ඉහළ මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.

අධික වර්ෂා පතනය සමඟ ඇති වූ ජල ගැල්ම හේතුවෙන් ඊයේ වන විට සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අල්ජසීරා පුවත් සේවය සඳහන් කරයි. තවත් දහ දෙනෙකු අතුරුදන් වී ඇත.

ඇදහැලුණු මහ වැස්සෙන් ගුවන්ඩොන්ග් පළාතේ වැව් පිරී ඇති අතර එය සියවසක කාලයකට නොදුටු දර්ශනයක් හාත්පස දකින්නට ඇති බව කියැවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *