ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය. එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

මහින්ද අමරවීර ලසන්තලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා මිනිසුරු සදුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *