යුද්ධය අවසන්ව වසර පහළොවක කාලයක් ගතව තිබුනත් යුද්ධය හේතුවෙන් යාපන දිස්ත්‍රික්කය තුළ පමණක් අවතැන් වූ පවුල් 1512ක් තවමත් යළි පදිංචි කරන ඇතැයි පසුගියදා පැවති යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී හෙළිදරව් විය.

මෙම පවුල් වලින් පවුල් දහයක් තවමත් අවතැන් කඳවුරු වල ජීවත් වන අතර අනෙත් පවුල් තම ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස් වල ජීවත් වෙති. මෙම පවුල් 1512 ට සාමාජිකයන් 4567 දෙනෙක් අයත් වන අතර මොවුන් ජීවත්වීමට ස්ථිර ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩි දුෂ්කර ජීවිත ගත කරන බව මෙම රැස්වීමේදී හෙළිව තිබේ.

එබැවින් මෙම පවුල් නැවත පදිංචි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් කටයුතු කරන්න යැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *