ගුරු හිඟය පියවා ගැනීමට ගුරුවරුන් විසිතුන්දහස් තිස්පහක් බඳවා ගැනීමට රජය වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 2500ක් වතු පාසල් සඳහා 2535ක් සහ රසායනික ජීව භෞතික විද්‍යා යන විෂයන්ට සහ තාක්ෂණවේදය යන විෂයන්ට සහ විදේශ භාෂා යන විෂයන් සඳහා ගුරුවරුන් තුන්දාහක් බඳවා ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය. විද්‍යා පීඨ වලින් 4140 ක් පිටවීමට නියමිත අතර මේ වන විට විද්‍යා පීඨ සඳහාද හැටදහසක් අයදුම් පත්‍ර ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *