දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාස වලින් තුනෙන් එකක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වෙයි.

‘ කනුන්’ නම ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විසි දහසක් පමණ දෙනා නිවෙස් වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබූ අතර දූපතේ පිහිටි නාහා ගුවන් තොටුපොළේ සිට ගුවන් ගත කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් 900ක් අවලංගු කර තිබේ.

මෙම සුළි කුණාටුව පසුගිය දා චීනයට කඩා වැදුණු අවස්ථාවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබූ අතර වර්ෂයකට පමණ පසු චීනයට, ඇදහැළුණු දරුණුම වර්ෂාපතනය ඇති වීමට ද එය මුල් විය. තුළ නැගෙනහිර අාසියාවට කඩා වැදුණු තුන්වෙනි සුලි කුණාටුව ‘ කානුන්’ වන අතර ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි සුළි කුණාටු ඉදිරියේ දී ද ඇති වනු ඇති බව විද්වත්හු පවසති.

ඒමන්ති මාරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *