ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පානීය ජල ගාස්තු සියයට තිහක් (30%) සියයට හැටපහක් (65%) අතර පරාසකිනි ඊයෙ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත.

අදාළ ගැසට් නිවේදනය ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.

පානීය ජල ගාස්තු ඉහළ ඉහළ දැමීම සදහා කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ දී අනුමැතිය ලබා දුන්නේ ය.

සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම් ලාභීන්ට ජල ගාස්තුව වැඩි නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අපමය සියයට 30% ක ප්‍රතිශතයකට යටත්ව කාණ්ඩ කිහිපයක් යටතේ මෙලෙස ජල ගාස්තුව ඉහළ දමා තිබේ.

ජලය පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තුව තීරණය වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් රටේ ජනගහනයෙන් සියයට 47 කට ජලය සැපයීම සිදු කරන්නේය. මීට පෙරදී ද ගෘහස්ථ ජල ගාස්තුව සියයට 70% කින් ඉහළ දැමීමට රජය කටයුතු කළේය. එසේ ජල ගාස්තුව වැඩි කළ ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 8 ක පාඩුවක් ලැබීම නිසා ජල ගාස්තු ඉහල දැමීමට රජය කටයුතු කර තිබේ.

සාලිය කුමාර ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *