මේ මොහොතේ ජාතික මැතිවරණයක් පවත්වා නව පාලනයක් ඇති කර රට ගොඩනැඟිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ දිනමිණ සමඟ අදහස් දක්වමිනි.

” මේ වන විට රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ රටේ දේශපාලනය මුළුමනින්ම පිරිහිලා කඩා වැටී පවතිනවා. ඒ නිසා මේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ. දැන් ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි. ප්‍රාදේශීය සභා මැතිවරණයද පවත්වන්න ඕනෑ. අපේ රටේ මැතිවරණ සියල්ල අවශ්‍ය නම් එකටම තියෙන්නත් පුළුවන්. මැතිවරණ තබන්නේ නැතිව පාලකයෝ දැන් බලහත්කාරයෙන් බලයේ රැඳී ඉන්න උත්සහ කරනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දැන් අමාරුයි. ඒ නිසා නව පාලනයක් ඇති කරන්නම අවශ්‍යයි.

නෙල්කා මැදගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *