ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීම හේතුවෙන් පීඩාවකට හෝ සිත රිදීමකට ලක්වූ සියලු දෙනාගෙන් තමා සමාව ඉල්ලා සිටින බව ජනප්‍රිය ගායන ශිල්පිනී, උමාරා සිංහවංශ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

2023 ජූනි මස 30 වන දින පැවති එල්.පී.එල්. සමාරම්භක උළෙලේ දී තමා විසින් ජාතික ගීය ගායනා කරනු ලැබූ අතර එහි ඇතැම් වචන උච්චාරණය කරන ලද අවස්ථාවන්හිදී ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් මෙලෙස සටහනක් තැබීමට තීරණය කළ බව ඇය සදහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමා නිරතුරුව ශ්‍රී ලංකා රජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, මාතෘ භූමියට ආදරය කරන ගායන ශිල්පිනියක ලෙස තමා විසින් සෑම අවස්ථාවකදීම රටේ අභිමානය නගාසිටුවීම සදහා ගීත ගායනයෙන් මෙන්ම විවිධාකාරයෙන් තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවත්, ජාතික ගීය ගායනා කිරීමේදී වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකථනයක් සැපයීමට තමා කිසි විටෙකත් අදහස් නොකළ බවත් ඇය සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මගින් වැඩිදුරටත් සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *