විදුලිය නොමැති නිසා මිහින්තලා පුදබිම, බුද්ධ මන්දිරය, පුරාවස්තු අන්ධකාරයේ තිබූ අතර මිහින්තලය වැදපුදා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමත්හු දැඩි අපහසුතාවයට පත් වූහ.

හිග බිල්පත් ගෙවන තුරු මිහින්තලා රාජමහා විහාරයට විදුලිය ලබාදිය නොහැකි බව මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අනුරාධපුරය දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීහු පවසති.

විදුලිය ලබාගැනීම සදහා රුපියල් ලක්ෂ 41 ක් ගෙවීමට මේ අවස්ථාවේ මුදල් නැතැයි මිහින්තලය රාජමහා විහාරාධිපති වලවාගැගුණුවැවෙ ධම්මරතන නාහිමියෝ ‘ ලංකාදීප ‘ යට පැවසූහ.

තමන්වහන්සෙ දේශපාලනඥයන්ට සෘජුව අදහස් දක්වන හෙයින් පලිගැනීම සදහා විදුලිය විසන්ධි කරන්නට ඇතැයි සිතන බව ද නාහිමියෝ කිහ.

දේශපාලනඥයන්ට තමන්ගේ ආසනය බේරා ගැනීම සදහා බුද්ධ ශාසනයෙන් පළිගන්නා බව ද නාහිමියෝ කීහ.

විදුලිය නොමැති නිසා මිහින්තලා මිහිඳු මහා සෑය ඉදිකිරීම නතර කිරීමට සිදුවනු ඇතැයි ද වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පැවසූහ. විදුලිය නොමැති නිසා ඉදිරියේදී දී අක්කර දහසයකට වඩා තිබෙන මිහින්තලා පූජා භූමිය පුරා වස්තු කොල්ලකරුවන්ගේ සහ දඩයක්කරුවන්ගේ රජදහනක් වීමට ඉඩ ඇතැයි ද නාහිමියෝ පැවැසූහ.

ඉදිරියේදී විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන මිහින්තලය වැදපුදා ගැනීමට පැමිණෙන්නැයි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ද බවද නාහිමියෝ කීහ.

මිහින්තලය පූජා භූමියට සූර්ය පැනල පද්ධතියක් සවි කරන දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

අනුරාධපුර විශේෂ බී. ජී. චතුරංග සහ අනුරාධපුර දයාරත්න ඇඹොගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *