ජල ගාස්තු ඉහල දැමීම හේතුවෙන් ආහාර පාන වල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ම මෙම ගාස්තු ඉහළ ඉහළ දැමීම කරන බවත් එම ඉහළ දමන ගාස්තු ආපන ආපනශාලා සහ හෝටල් හිමිකරුවන් තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.

ආපන ශාලාවල ජල පරිභෝජනය වැඩි වශයෙන් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩි වන මුදල මෙලෙස පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට සිදුවන බවත් ඔහු කීවේය.

නිමල් කොඩිතුවක්කු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *