මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සඳහා සුභ මොහොතින් පුරාණ චාරිත්‍රානුකූලව මෙම මස 17 වන දින අළුයම 6.12ට වයඹ දිශාභිමුඛව සිව් මහා දේවාලවල කප් සිටුවීම සිදු කෙරෙයි.

එම කප් කැපීම මහනුවර දී විෂ්ණු මහා දේවාලයේ වන්න කුරාළ විසින් 16 දින අලුයම 5:10 ට දකුණු දිශාව මුඛ ඉපැරණි චාරිත්‍ර වලට අනුව සතර කෝරළ මහ දිසාවේ අලුත් නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දී සිදු කෙරෙයි.

ඉන් අනතුරුව එම “කප “රැගත් පෙරහැර 16 වන දින පෙරවරු 6.00 ට අලුත්නුවර ශ්‍රී විශ්ණු මහා දේවාලය සහ දැඩිමුණ්ඩ මහා දේවාලය වෙත ගොස් දේවාශිර්වාද ලබාගෙන කොළඹ මහනුවර ප්‍රධාන මහා මාර්ග ඔස්සේ මහනුවරට පැමිණීමට නියමිතය.

“කප”රැගත් පෙරහර මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයට පැමිණ පල්ලේ දේවාලය හෙවත් දැඩිමුන්ඩ දේවාලය වෙත ගෙවැදීමෙන් පසු මද වේලාවක් එහි තැන්පත් කර අනතුරුව කප කොටස් කර එදින සවස 4.09 ට සිව් මහා දේවාලයන්හි කපුරාල ලා වෙත භාරදෙන බව මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහෙන්දර රන් වත්තේ මහතා පැවසීය.

ජේ. ඒ. එල්. ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *