ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්ෂ 41ක හිග විදුලි බිල්පත සමගි ජන බලවේගය සාමාජිකයන් හා දානපතියන්ගේ සහායෙන් ගෙවා දමා තිබේ. හිග විදුලි බිල මත පෙරේදා (03) මිහින්තලය රජමහා විහාරය විදුලි කපා දමා තිබුණි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මිහින්තලේ රජමහා විහාරාධිපති වහන්සේ මුණ ගැසී ලබාදුන් පොරොන්දුව දින දෙකක් ඇතුළත ඉටු කළ බවයි.

විපක්ෂ නායක ලෙස තමන් උන් වහන්සේ මුණ ගැසී සාකච්ඡා කළ පසු ආණ්ඩුව එම රජමවිහාරයෙහි විදුලිය කපා දැමූ බවයි.

මෙම හිග බිල්පත පමණක් නොව ඉදිරි පෙරහරවලට වැයවෙන විදුලිය ද ගෙවා දැමීමට සමගි ජන බලවේගය සූදානම් බවද එහි දැක්වේ.

රටක ශිෂ්ටාචාරයක් පෝෂණය කළ ඓතිහාසික කේන්ද්‍රස්ථානය කින් සිදුවන ආගමික, සංස්කෘතික සහ සමාජීය මෙහෙවර අපමණ බවත් එවැනි ස්ථානවලට සහයෝගය ලබාදීම වගකීම බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.
එවැනි ස්ථානවල විදුලිය කැපීම බියගුළු හා අත්තනෝමතික කටයුත්තක් බවත්, බෞද්ධාගමික සහ අනෙක් ආගමික ස්ථානවලට ආණ්ඩුව කෙනෙහිලිකම් කරන බවත් විපක්ෂනායකවරයා එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ශිරාන් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *