පවතින නියං තත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ තුළ මේ වන විට ජලය ඇත්තේ සියයට 32 ක ප්‍රමාණයක් බව වාරිමාර්ග අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු (ජල කළමනාකරණ ) සුදර්ශන විදානපතිරණ මහත්මිය ‘දිවයින’ ට ඊයෙ (04) පැවසුවාය.

කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ජලය කළමනාකරණය කරමින් ලබා දීමට මේ වන වන විට පියවර ගෙන ඇතැයි ද ඇය කියා සිටියාය.

තව දුරටත් කතා කළ සුදර්ශන විදාන පතිරණ මහත්මිය මෙසේද පැවසුවාය.

කොහොමත් මේ කාලය වෙනකොට පවතින වියළි කාලගුණයත් එක්ක ප්‍රධාන ජලාශවල ජලය අඩුවෙනවා. නමුත් ඒක කෘෂිකර්මාන්තයට බාධාවක් වෙන්නේ නැහැ. මේ වෙනකොට බොහෝ ගොවීන් වගා කරන්න පටන් අරගෙන තියෙන්නෙ. මේක එච්චර ගැටලුවක් නොවෙයි. අපහසුවෙන් වුණත් ජලය ලබාදීමේ හැකියාව තිබෙනවා.

දිවයින පුරා පවතින කාළගුණික තත්ත්වය විමසීමට අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය නියුතු කාර්යභාර කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේවගේ මහතාව සම්බන්ධ කර ගත්තෙමු.

මේ දින කිහිපයේදී කිහිපයේ දී දිවයින පුරා වැසි සහිත තත්ත්වයක් තිබෙන්නේ. කොහොම උනත් අගෝස්තු 8 වැනිදා ඉඳලා වැස්ස ටික ටික වැඩි වෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, ගාල්ල , මාතර , නුවර , නුවරඑළිය ප්‍රදේශවලට වැසි තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු වෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *