ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එම අදහස් හෝ යෝජනා මෙම මස 15 වැනිදාට පෙර ලබා දෙන ලෙසද ඉල්ලා තිබේ.

ඉකුත් ජූලි මස 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික සමුළුවේදී ඇතිකරගත් එකඟතාවයට අනුව අදාළ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

උපාලි ද සේරම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *