ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන්ට 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 2,508 ක මුදලක් අතිකාලදීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙයි.
අතිකාල දීමනා ගෙවීම් විනිවිද භාවයෙන් තොරව සිදුකළ ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකරණය තම වගකීම නිසි පරිදි ඉටු කර නොමැති බවද විගණනය මඟින් අනාවරණය කර ඇත. ඇගිලි සලකුණු යන්ත්ර අක්රීය වීමට ඉඩ හැරීම අතිකාල පාලනයට ඍජුව බලපා ඇති බව ද විගණන වාර්තාවේ සදහන් වේ. අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් විය යුතු අතර ඒ අනුව 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතුය. එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3074 බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
මේ පිළිබඳ ලංකාවේ කළමනාකරණය විසින් විගණනයට සදහන් කර ඇත්තේ ප්රාථමික ගණයේ සේවක මහත්වරුන් ගේ වැටුප් පරිවර්තනයත් සමග එම සේවකයන්ගේ අතිකාල රේටය රුපියල් 175ක් බවයි. අතිකාල රේටය දෙගුණයකින් වැඩි වීමත් 2022 වර්ෂය වන විට එම ගණයේ සේවක මහත්වරුන් ගේ වැටුප් සංශෝධනය කිරීමට අනුමැතිය ලැබීම නිසා අතිකාල රේටය රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවයි.
ලලිත් චාමින්ද