පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ජලාශවල ජල මට්ටම 45%ක් දක්වා අඩු වී ඇති බවත් විදුලිය නිපදවීම සඳහා ඉදිරියේ දී නිදහස් කළ හැක්කේ 12% පමණක් බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා “ඉරිදා ලංකාදීපයට” පැවැසීය.

වියලි කාලගළි කාලගුණය අඛන්ඩව පැවතියහොත් විදුලිය නිපදවීම සදහා ප්‍රමාණවත් තරම් ජලය මුදා හැරීමට නොහැකි වීමෙන් යළිත් විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවට ඒ මහතා අනතුරු ඇඟවීය.

ජල විදුලි උත්පාදනය සඳහා දැනට ජලය මුදා හැරිය හැක්කේ වික්ටෝරියා හා කොත්මල යන ජලාශ වලින් පමණක් යැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ වන විට පාවිච්චියට ගත හැකි ජල ධාරිතාව වික්ටෝරියා ජලාශයේ කියුබික් මීටර් මිලියන 235ක් ද කොත්මලේ කියුබික් මීටර් මිලියන 100ක්ද රන්දෙණිගල කියුබික් මීටර මිලියන 100ක්ද මාවුස්සාකැලේ කියුබික් මීටර මිලියන 50ක්ද සමනලවැව කියුබික් මීටර මිලියන 5ක් ඇති බව සඳහන් කළේය.

නදීෂා අතුකෝරාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *