විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහල දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසි එක් වෙනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුන්නොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා ගැනීමට නොහැකි වෙන බවය.

විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩු කරන මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ ගාස්තු අනුව අය කිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300කින් පමණ අඩුවී ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන්, පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණයහිමියෝ සදහා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද එම ලිපියේ දන්වා ඇත.

අජන්ත කුමාර අගලකඩ

පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි 2,970 ක් පමණ වන බවද එහි සදහන් කර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමත වූ ගාස්තුව, විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *