විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ඇති කරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යවශ්‍ය වෙන මිල අධික අමුද්‍රව්‍යයක් වෙනුවට භාවිතා කළ හැකි හරක් ඇටකටු වලින් නිෂ්පාදිත bone craft material විශේෂයක් නිපදවීමට ජනරල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.

මේ පිළිබඳව හඳුන්වා දෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා නවසීලන්තයේ ඔටාගො, විශ්වවිද්‍යාලය සමග සහයෝගයෙන් මෙම පර්යේෂණය සිදුකළ බව පැවසීය.

සාමාන්‍යයෙන් අස්ථි බද්ධ කිරීම සඳහා භාවිතයට ගැනෙන ආනයනික අමුද්‍රව්‍ය මිල අධික වන අතර හරක් ඇටකටු වලින් නිපදවෙන මෙම bone graft material දැරිය හැකි මිලකට නිපදවිය හැකි බව ඒ මහතා පැවසීය.

නවසීලන්තයේ ඔටාගො විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම KDU සමග සමීප සහයෝගීතාව නිපදවූ මෙම නව නිෂ්පාදනයේ දී (prino) නමැති අහිතකර ප්‍රොටීනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහතිකවම සිදුකර ඇති බව පැවසීය.

මෙම නව නිෂ්පාදනය තුළින් විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ඇති කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී මෙම අමුද්‍රව්‍ය අස්ථි බද්ධයට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මහාචාර්යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලද වහාම ඒ සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව පැවසීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *