ත්‍රිකුණාමලය හා දබුල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට අදාල තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් සැකසීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙයි.

ඒ යටතේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම මෙන්ම සංවර්ධන කටයුතු සදහා පෞද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීමද සිදුවේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වේ.

ඇමතිවරයා පවසන්නේ මෙම ව්‍යාපෘතියට අදාළව එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද කටයුතු කරන බවයි. මෙම ව්‍යාපෘති යටතේ ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් තවත් උප ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ත්‍රිකුණාමලය නගර මධ්‍ය වෙරළ තීරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත. තවද ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීම, කන්නියා උණුවතුර ළිං පිහිටි ස්ථාන සංරක්ෂණය කිරීම හා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ද නියමිතයි.

එමෙන්ම අවන්හල සඳහා අවශ්‍ය පුද්ගලික ආයෝජකයන් දිරිමත් කිරීම, කච්චේරි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, ඇතුල් වගාවේ මාර්ගයේ පිහිටි වරාය අධිකාරියට අයත් ඉඩමේ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කිරීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට නියමිතය.

විශේෂයෙන්ම පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඒවායේ පෞරාණිකත්වයට හානියක් නොවන ලෙස අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත.

උපාලි කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *