සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා හා මාධ්‍ය වෙත තොරතුරු දීම සම්බන්ධයෙන් ඉතා ඉහළ වගකීමක් හා දැනුමක් ඇති බලධාරීන් තුන් දෙනෙකු පත් කිරීමට ක්‍රියා කරන බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් මේ වන විට පැන නැගී ඇති විවිධ ගැටලු පිළිබඳ මාධ්‍ය වෙත හරිහැටි තොරතුරු ගැනීමට ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇතැයි ජනමාධ්‍යවේදීන් විසින් ඉකුත්දා සෞඛ්‍ය ඇමතිවරයාට දැනුම් දෙන ලදී.

ගීත වහාඊට වහාම ප්‍රතිචාර දැක්වූ ඇමතිවරයා මෙලෙස ද කීවේය.
” මේ ගැටළුවට විසඳුමක් ලෙස මාව නුදුරේදීම ඉහළ පෙළේ නිලධාරීන් තුන් දෙනෙකු පත් කිරීමට ක්‍රියා කරනවා. එම නිලධාරීන් තිදෙනාගෙන් සියලු මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ගැනීමට පහසුකම් සපයා ගත හැකියි”

ජනාධිපති බොරු දිය සමගි අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුව අවස්ථාවේදී මේ වැඩපිළිවෙළ සකස් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පියවර ගත්තේය.

ජයසිරි මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *