විදේශ කටයුතු අමාත්‍යාංශය සත්‍ය පිටපතක් බවට සහතික කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන විභාග සහතිකපත් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයට යවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

2001 වසරෙන් පසු පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමය අදාළ වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සහතික පත්‍රයේ දෘඩ පිටපතක් ඒ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශයට සත්‍යාපනය කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් ලිපිනයට යොමු කරන බවද ඔහු කීය.

විභාග දෙපාර්තමේන්තුවට ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවිඩ මගින් අයදුම්කරු දැනුවත් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

විභාග සහතිකපත් බාහිර පාර්ශව සඳහා මාර්ගගතව සනාථ කර ගැනීමේ පහසුව සලසා ඇති බව හෙතෙම සඳහන් කළහ.

රංජිත් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *