ඉදිරි මහ කන්නයේදී බෙදාහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයට භාර දෙනු ලැබ ඇත.

මෙම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ජපන් රජයේ මූල්‍ය ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබාගෙන තිබේ. මෙම පොහොර තොගය කුරුණෑගල, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට හෙක්ටයාර් එකක් දක්වා වගා කරන ගොවියන් 228000ක් ආවරණය වන පරිදි බෙහත් බෙදා හැරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කර ඇත.

මෙම පොහොර තොගේ කෘෂිකර්ම අමාත්‍යංශයට භාර දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටොරෝ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

විමුක්ති එස් රොඩ්‍රිගෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *