කෘෂිකාර්මික කටයුතු සදහා සමනලවැව උඩවළවේ ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සහ විසදුම් ලබාදීම පිළිබඳ යෝජනා මාලාවක් සකස් කිරීම ඊයේ (07) පෙර භවයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී සිදුව ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ විදුලිබල මණ්ඩලය අතර පෙරේදා (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවලින් පසුව ඇති වූ එකඟතාව මත එම එම යෝජනා මාලාව සකස් කිරීම සිදුව තිබේ.

එම යෝජනාව ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට එසේ කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මෙහිදී කැබිනට් මණ්ඩලයට තවදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද වෙත යොමු වීමට ය.

සමන් ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *