මන්නාරම නානාට්ටන් නරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 15ක සුළං විදුලි උත්පාදන බලාගාරය විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් පෙරේදා (06) විවෘත කළේය.

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබුණේ විදුලි බලාගාරයේ සියලු ඉදිකිරීම් කටයුතු දේශීය ඉංජිනේරුවරයන් ලහිලහියේ සිදු කර අවසන් කිරීම නිසා අපේක්ෂා කළ කාලයට පෙර බලාගාරය විවෘත කිරීමට හැකි වී තිබේ.

විදුලි උත්පාදන ටබයින් හයකින් සමන්විත මේ බලාගාරය නව නරුවිලිකුලම් ගම්මානයේ ඉදි කිරීමට එරෙහිව ගම් වැසියන් දැඩි විරෝධයකින් පසුවූ අතර ඔවුන්ගේ ගම්මානය මැද ඉදිකර තිබෙන ටබයින දෙකක් ඉවත් කරන ලෙස බල කරමින් එය බලාගාරය විවෘත කළ අවස්ථාවේදී ගම්වාසින් විසින් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයක් පොලිසිය විසින් විසුරුවා හැර තිබෙනවා.

මේ අතර, විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා කියා සිටියේ, විදුලි බිල නැවත වරක් වැඩි කිරිම තමන්ට ද ගැටලුවක් බවයි.

අපි දීර්ඝ කාලීන විසඳුම්වලට යන්න ඕනෑ. අපි විදුලිය වැඩි කරන එක නෙවෙයි නිෂ්පාදන වියදම කොහොමද අඩු කරන්නේ කියලයි අපි බලන්න ඕනෑ.අපිට පුළුවන් තරම් සෝලා, සුළං වගේ දේවල් වලට ගිහින් නිෂ්පාදන වියදම අඩු කර ගත යුතු යැයි ද ඇමැතිවරයා පැවසීය.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *