ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතයි.
බාලදක්ෂ කොමසාරිස්

දැඩි උණුසුම් කාලගුණයෙන් හා දකුණු කොරියාවට පැමිණෙතැයි අපේක්ෂා කරන්න KHANUN කුණාටු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට සපයා ඇතැයි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

එතෙක් 37000 පමණ බාලදක්ෂයන් අගෝස්තු 8 වැනිදා සිට එකොළොස් වැනි දා දක්වා සෝල් නුවර ආසන්නයේ ඇති ස්ථිර ගොඩනැගිලි වල ආරක්ෂිත නවාතැන් පොලක සිටින බව හෙතෙම කීවේය.

විසිපස්වන බාලදක්ෂ ජම්බෝරිය ට සහභාගී වන රටවල ප්‍රධානීන් සහ ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයන් හා කොරියානු රජය සමඟ පැවැති රැස්වීමෙන් අනතුරුව නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. කුණාටු අවසන් වූ පසු සියලුම බාලදක්ෂයන් නැවත වරක් රැස් රැස් වී සමාප්ති උත්සවය පවත්වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිත බවත්, උන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා අතර එහි ඇතිවන තත්ත්වයන් පිළිබඳව කාලානුරූපව මවුපියන්ට, බාලදක්ෂ කොමසාරිස්වරුන්ට සහ බාලදක්ෂ නායකයන්ට දන්වන බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් කොමසාරිස්වරයා පැවසීය.
විසිපස් වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ නායකයන්, බාලදක්ෂ බාලක බාලිකාවන් 176 දෙනකු සහභාගි වී සිටිති.

නුවන් කොඩිකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *