සේවක අර්ථසාධක අරමුදල පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඊට අදාළ යෝජනාව මුදල්, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්ත කරනයට ලක් වීම තුලින් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එම ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, ඉකුත් වසර පහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සදහා ගෙවනු ලැබූ ඇති වාර්ෂික පොලී ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, 2023 – 2026 කාලය දක්වා ඉදිරි වසර හතරක කාලය තුළ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොළී අනුපාතය අවම වශයෙන් 9% විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

තාරක සම්මාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *