එක්සත් රාජධානිය පුරා නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට එම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන ඇති බව ය.

EG.5.1 ලෙස නම් කර ඇති එම ප්‍රභේදයට එරටින් Eria යන අන්වර්ථ නාමය ලබාදී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, එය වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් omicron ප්‍රභේදයෙන් පැවතෙන්නක් බවය.

එරටින් වඩාත් සුලබ රෝග ලක්ෂණ පහ ලෙස නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුර උගුරේ ඇතිවන වේදනාව යන්න හඳුනාගෙන ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

එය ඉක්මනින් ව්‍යාප්තියක් පෙන්වන අතර මෑතකදී සිදු වූ රෝගීන් සහ රෝහල් ගතවීම් ඉහළ යාමට එය එක් හේතුවක් විය හැකි බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

තාරක සම්මාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *