නියගය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 31.4 දක්වා පහළ බැස ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව සේනානායක සමුද්‍රය ජල මට්ටම සියයට විස්ස දක්වා ද, හුරුලු වැවේ ජල මට්ටම සියයට 15.9 දක්වා ද නාච්චිදුව වැවේ ජල මට්ටම සියයට 28 . 3 දක්වා ද රාජාංගනය වැවේ ජල මට්ටම සියයට 65 දක්වා ද, පදවිය වැවේ ජල මට්ටම සියයට 20.6 දක්වාද, ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම සියයට 36.2 දක්වාද අඩු වී ඇති බව ඇය කීවාය.

ප්‍රධාන ජලාශ වලට අමතරව මධ්‍යම ප්‍රමාණය ජලාශවල ජල මට්ටම ද විශාල වශයෙන් අඩු මට්ටමක පවතින බව ඇය පැවසුවාය.

මේ අතර යල කන්නය සඳහා ජලය සැපයීම මේ දිනවල සිදුකරමින් පවතින බවත් අමාරුවෙන් හෝ කළමනාකරණය කර ගනිමින් ඒ සඳහා ජලය නිකුත් කරන බවත් අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

නිමල කොඩිතුවක්කු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *