නොරොච්චෝලේ “ලක්විජය” ගල් අගුරු විදුලි බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍ර බිදවැටීමක් හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ අක්රීය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම යන්ත්‍රය අධිපීඩන හීටරයේ කාන්දුවක් පරික්ෂා කිරීම සදහා පස්වරු 2:15 ට පමණ එම යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කළ බවත් එම යන්ත්‍රය බිද වැටුනද විදුලි කප්පාදුවක් නොවන බවත් එම නිලධාරියා කීය.

මෙම විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍ර වලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.

මෙම යන්ත්‍රය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මස අක්‍රිය වීම හේතුවෙන් අලුත්වැඩියා කර ඔක්තෝබර් මස නැවත ජාතික පද්ධතියට එකතු කෙරිණි.

යොහාන් භාසුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *