රටපුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, නිකවැරටිය, හෙට්ටිපොළ, පුස්සැල්ලාව, ගම්පොළ වත්ත, බිබිල, ලුණුවත්ත, අම්පිටිය, තැන්නෙකුඹුර, තංගල්ල ඇතුළු ජල සම්පාදන ක්‍රම 12ක ජල සැපයුම සීමා කර ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝදා කලුආරච්චි මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ඒ අනුව ඇතැම් ප්‍රදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථානවල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවත් ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදා ගෙන ජලය බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බවත් ඇය සඳහන් කළාය.
මෙයට අමතරව තවත් ජල සම්පාදන ක්‍රම 34 ක් අවදානම් මට්ටමේ පවතින බවත් ඒවායේ සීමා කිරීමකින් තොරව මේ දක්වා ජලය ලබා ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.
ඒ අනුව, බවල්කුබුර, උඩවලව, ගොන්ගල්දෙණිය, දොඩංගස්ලන්ද, ගොකරැල්ල, බිංගිරිය, ආදී ජල සම්පාදන ක්‍රම මෙලෙස අවදානම් මට්ටමේ පවතින බවත් කලුආරච්චි මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව භූගත ජලය ලබා ගන්නා ප්‍රදේශවල ජල මට්ටම සීඝ්රයෙන් පහළ යමින් තිබෙන බව ඇය සදහන් කළාය.
වියළි කාලගුණයක් සමග ජල මූලාශ්‍ර වල ජලය අඩු වීමත් සමග ජලය ගුණාත්මකභාවයේ ගැටලු මතුවන බවද ඇය සදහන් කළාය.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අතරම යත්ම ජලය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කලුආරච්චි මහත්මිය පැවසුවාය.
නිමල් කොඩිතුවක්කු