කොළඹ රිජ්වේ ළමා ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

මේ වන විට ළමා රෝහලේ නේවාසික ල් දරුවන් සහ සායනවලට පැමිණෙන දරුවන්ට අවශ්‍ය තරම් ඉන්සුලින් තිබෙන බව ද දිවයිනේ කුමන හෝ රෝහලකට ඉන්සුලින් අවශ්‍ය නම් ළමා රෝහලෙන් ඒවා සැපයිය හැකි බව ද අධ්‍යක්ෂවරයා කීය.

එම නිසා ඉන්සියුලින් අවශ්‍ය රෝගී දරුවන් ළමා රෝහලට රැගෙන ඒමට පසුබට නොවෙන්නයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

රංජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *