පහතහේවාහැට ප්‍රදේශයේ පිහිටි වටිනාම පාරිසරික පාර්ශ්වයක පද්ධතියකින් සමන්විත තරහල්පාන කදු පන්තියේ ආශ්‍රිත භූමියට පසුගියදා (07) ගිනි තැබීම හේතුවෙන් අක්කර සිය ගණනක භූමියක් මුළුමනින්ම විනාශයට පත් වී ඇත.

හේවාහැට හා දෙල්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් මායිම් වන සේ පිහිටා ඇති තරහල්පාන කදු පන්තිය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය මාරස්සන ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් වගාබිම් ගණනාවකට ජලය සැපයෙන ජල මූලාශ්‍ර පිහිටි වටිනා පාරිසරික පද්ධතියක් මෙන්ම ආරක්ෂා කළයුතු සත්ව විශේෂ ගණනාවක් ජීවත් වන වනගත ප්‍රදේශයක් ලෙස සැලකේ.

මීට අමතරව අතීතයේ සිටම ඓතිහාසික වටිනාකමකින් යුත් කදු පන්තියක් ලෙස සැලකෙන තරහල්පාන කදුපන්ති ආශ්‍රිතව දීර්ඝ කාලයක සිට සිදුවන නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නායයාමේ තර්ජනයට ලක්වීම නිසා ඉහළ කදුමුදුනේ හේන් ගොවිතැන හා වන විනාශය තහනමට ලක්ව ඇති ප්‍රදේශයක් බවද ප්‍රදේශවාසීහු පවසති.

සහල් පාන කඳු පන්තියේ සිදුව ඇති මෙම විනාශය හේතුවෙන් දැනටමත් නායයාමේ තර්ජනයට මුහුණ දී සිටින ඔලුවාවත්ත, උඩුමුල්ල, තලාකඩ හා බෝපිටිය ගම්මානවල පදිංචි පවුල් ගණනාවක් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව සිටිති.

හේවාහැට – අසංග චම්පික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *