කාන්තා අයිතිවාසිකම් සහ නව යොවුන් දරුවන්ට පාසල් අධ්‍යාපනය තහනම් කළ ඇෆ්ගනිස්ථානයේ දැඩි මූලධර්මවාදී තලේබාන් රජය අවුරුදු දහයකට වැඩි දැරියන්ටත් පාසල් අධ්‍යාපනය තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් එරට දැරියන්ට පනවා ඇති මේ අධ්‍යාපන තහනම ජාත්‍යන්තර රටවල දැඩි අප්‍රසාදයට හා විවේචනයට ලක් වී ඇති අතර, එරට බොහෝ පළාත්වල මේ වන විට නව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද වාර්තා වේ.

පසුගියදා තලය භාණ්ඩ රජයේ නිලධාරීන් බොහෝ පළාත්වල පාසල් විදුහල්පතිවරුන්ට විශේෂ සමුළුවක් පවත්වා ඇති අතර, එහිදී අවධාරණය කර ඇත්තේ අවුරුදු 10ට වැඩි කිසිදු දැරියකට ප්‍රාථමික පාසල්වල ඉගෙනීමට අවසර නැති බවය. ඵලය භාණ්ඩ රජයේ මීට පෙර තහනම පනවා ඇත්තේ 6 වැනි ශ්‍රේණියේ සිට ඉහලට ද්විතීක අධ්‍යාපනය ලබන දැරියන් සදහා පමණි. නව නීතිය මගින් තුන්වෙනි ශ්‍රේණියෙන් ඉහල දැරියන්ට පාසල් භූමියට ඇතුල් වීම තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *