2023 වසරේ මුල් මාස 6 තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1317 ක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.

වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ විවාදයට එක් කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

2022 වසරේ මුල් මාස 6 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 928 ක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව අනුගමනය කරන ලද මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම ආදායම් වර්ධනය කර ගැනීමට හැකිවුණා

පසුගිය වසරේ ආර්ථික වශයෙන් කට දරුණු අගාධයකට වැටී තිබුණ ද අනුගමනය කරන ලද ක්‍රමවේදයන් හේතුවෙන් ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. එමෙන්ම රාජ්‍ය ආදායම සමග සෙල්ලම් කරන කවර සමාගමක් වුවද එම සමාගම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.

රුපියල් කෝටි 660 නිෂ්පාදන බදු ගෙවා නොමැති සමාගම් ගණනාවක් සමග සාකච්ඡා සිදු කළා. එම ගෙවීම් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *