රෝගීන් මිය යාම සහ විවිධ ගැටලු හේතුවෙන් ඖෂධ වර්ග පහක් භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

ප්‍රෙඩ්සොලෝන්, ප්‍රෙපොෆෝල් එන්නත, බුසිවකේන්, ඇමෙක්ශිලේව් සහ සෙෆ්‍රිසෝන් එම ඖෂධ 5 වන අතර, විධිමත් පරීක්ෂණයකින් පසුව ඒවා භාවිතයෙන් ඉවත් කළ බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට හෝ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධයක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඊට මැදිහත් වන බව ද එම අධිකාරිය සඳහන් කරයි.

අවශ්‍ය පරීක්ෂාවක් සිදුකර අදාල ඖෂධය භාවිතයට ගැනීම නැවැත්වීම හෝ ඖෂධය නැවත කැදවීමට එවැනි අවස්ථාවක කටයුතු කරන බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.

ඉකුත් දිනවල රෝහල් කිහිපයකින් මරණ සහ ගැටලුකාරී තත්ත්වයන් මතු වූ අතර එම ඖෂධ පරීක්ෂාව සඳහා මැදිහත් වූ බව ද එම අධිකාරිය සඳහන් කරයි.

රංජන් කස්තුරි සහ මුදිතා දයානන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *