විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ගණපූර්ණය නැතැයි දැනුම් දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඊයෙ (09) දිනයේ දී අවස්ථා හතරකදී ඇන හිටියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පෙරේදා(08) දිනයේ දී අවස්ථා හා පහකදී ඇන හිටියේය.

සභාවේ ඝනපූර්ණය නැතැයි ඊයේ වරින්වර දැනුම් දෙනු ලැබුවේ විමල් වීරවංශ, ගෙවිදු කුමාරතුංග, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් විසිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට අවසර නොදෙන්නේ නම් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා ප්‍රකාශ කලේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කරන්නේ එම තීරණය අනුවය.

මෙලෙස ඝණපූර්ණය ප්‍රශ්නය මතු කෙරු එක් අවස්ථාවකදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක මෙලෙස ගණපූරණය ප්‍රශ්නය මතු කිරීම ගැන කණගාටු දායක බවයි.

පූජිත හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *