තමන් සතුව ආනයන තිරිගුපිටි තොර දින දහයකට අඩු කාලෙකට පමණක් බව පිටකොටුව පිටි අපනයන කරුවෝ පවසති.
තිරිගු පිටි ආනයනය ඉකුත් 16 වෙනිදා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූ බව පවසන එම ආනයනකරුවෝ ආනයනය කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් තිබෙන නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි සඳහන් කරති.
තිරිගු පිටි ආනයනය නතර කිරීම මෙරට තිරිගු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රට තුළ පිටි ඒකාධිකාරියක් ඇති කිරීමක් බව පෙන්වාදෙන ඔවූහූ මේ නිසා ඉදිරියේදී තිරිගු පිටි මිල වැඩිවන බවද පවසති.
තුර්කියෙන් ආනයනය කෙරෙන මෙම තිරිගු පිටි කිලෝවක තොග මිල ඊයේ 9 වෙනිදා රුපියල් 180 වූ අතර මෙරට සමාගම් දෙකේ තොග මිල රුපියල් 200 බව වෙළෙන්දෝ පවසති.
මහින්ද නිශ්ශංක