සිය පුරවැසියන් ඔත්තු බැලීමේ කාර්යයට සහභාගි කර ගැනීමට පොළඹවා ගත යුතු බවට එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි CNN පුවත් සේවය වාර්තා කළේය. එවැනි තොරතුරු වාර්තා කරන පුද්ගලයන් සහ සංවිධාන නීතියානුකූල කළ යුතු බවත් ඒ සඳහා ප්‍රතිලාභ ලබා දීම වැනි පියවර ගැනීමෙන් ඔත්තු බැලීමේ කාර්යයට සහභාගි වීමේ යාන්ත්‍රණය සාමාන්‍යකරණය කළ යුතු බව චීන රජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි CNN පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

චීනය ඉතා රහසිගතව සිවිල් ඔත්තු බැලීමේ ඒජන්සියක් සමාජ මාධ්‍ය තුලින් ගිණුමක් ලෙස ආරම්භ කර ඇතැයි ද ඔවුන් හා එක් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එහි අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් බොහෝ රහසිගතව කටයුතු කරන බවත් එහි පොදු වෙබ් අඩවිය පවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු අනාවරණය නොකරන බවත් CNN පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *