ගාලුමෝදර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුවද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දෙය ඉටු ඉටු වන යන්න රටේ ජනතාවගෙන් සියයට 60ක ගේ මතය වී ඇති බව වෙරිටේ සර්විස් ආයතනය පවසයි.

රට නැවත ගොඩ ගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍යයි ජනතාවගෙන් 51% විශ්වාස කරන බවද එම ආයතනය කියයි.

ගාලුමෝදර රංග කළේ නිමා වී වසරක් ගතවන විට ජන මනස පවතින ආකාරය සම්බන්ධයෙන් වෙරිටේ සර්විස් කළ ජනමත විමසුමකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

අරගලය මගින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉටු වූයේ ද නැති ද යන්න නැතිද යන්න කියා ඇසූ පැනයට සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 60ක්ම පිළිතුර ‘බොහෝ දුරට නැත’ යන්න වී තිබේ.

බොහෝ දුරට ඒවා ඉටු වූ බව පවසා ඇත්තේ සියයට 11 ක ප්‍රතිශතයකි. 29% පවසා ඇත්තේ ඒ බව අදහසක් නොමැති බවයි.

එසේනම් රට ගොඩනැගී නම් රට ගොඩනැගීම සඳහා කළ යුතු වන්නේ කුමක්ද ඒ ප්‍රකාශ තුනක් ඇසුරෙන් ජනතාවගේ විමසා බැලීම ද එහිදී සිදුව ඇත. එහිදී නියතීන් 52% පවසා තිබෙන්නේ රට යළි ගොඩනැගීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කිරීමට අවශ්‍ය බවය. රට යළි ගොඩනැඟීමට නම් මානසික ය මානසිකය ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයයි යන ප්‍රකාශයට 33% ක් එකග වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථානයට මුල් තැන දීම අවශ්‍ය බවට එකඟ වී තිබෙන්නේ සියයට 15 කි.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියතියක් පදනම් කරගෙනම සමීක්ෂණය කර ඇත.

මෙයට දත්ත එකතු කිරීමේ සහාය වෑන්ගාර්ඩ් සර්වේ ( පෞද්ගලික) ආයතනයෙනි.

බිගුන් මේනක ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *