දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ පහ මාරකින් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දිවයිනට ඊයේ පැවසීය.

මේ හේතුවෙන් ලබන සතියේ මුල වන විට බිත්තරයක් රුපියල් 45 ක් 46 වැනි මිලකට පාරිභෝගිකයන්ට මිලදීගත හැකි වන බවද ඒ මහතා කීය.

පසුගිය කාලයේ රටේ බිත්තර අවශ්‍යතාවය වන ලක්ෂ හැත්තෑවක් ඌවත් දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 50ක් පමණ වූ බවත් මේ වන විට එම ප්‍රමාණය ලක්ෂ පහමාරක් පමණ වැඩි වී ඇති බවත් ඔහු කීය.

මේ ආකාරයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි වීම නිසා දෙසැම්බර් පමණ වන විට රටේ බිත්තර නිෂ්පාදනය අතිරික්තයක් වන බවත් ඒ අනුව බිත්තරයක මිල රුපියල් 25 ත් 30 ත් අතර වෙළඳපොළෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *