පාකිස්තානය සමග අසල්වාසී සබඳතා අවශ්‍ය වුවද රට ත්‍රස්තවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වාතාවරණයක් තිබිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්වි ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ඉන්දියාව සමග සබඳතා ගොඩනඟා ගැනීමට කැමැත්ත පළ කිරීමෙන් දින කිහිපයකට පසුවය.

දෙරට අතර ගැටලුව සම්බන්ධව පකිස්ථාන අගමැතිවරයා කලා දහස් දැක්වීම වාර්තා මගින් දුටු බවත්, පාකිස්තානය ඇතුළු සියලු අසල්වාසී රටවල් සමඟ සාමාන්‍ය සබඳතා පැවැත්වීම ඉන්දියාවේ පැහැදිලි ස්ථාවරය බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සදහන් කර තිබේ. එසේ වුවද ඒ සඳහා පකිස්ථානය තුළ ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය තුරන් විය යුතු බවට ඔහු අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඉස්ලාමාබාද් නුවර පැවැති ඛනිජතෙල් සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් එරට අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාතිය ගොඩනැගීම සදහා තමන් අසල්වැසියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *