ආයුර්වේද ක්‍රමය යාවත්කාලීන කිරීම සදහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතේ වගන්ති පහළොවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කෙරිණි.

පනත් කෙටුම්පතේ 2,3,27,29,30,31,32,33,34,35,36,37,39,40 හා 41 වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් අවශ්‍ය විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක දී ජනතා විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කළ හැකි යැයි එම තීන්දුවේ දැක්වෙන බවත් නියෝජ්‍ය නායකවරයා කීවේය.

සජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *