ලබන සතිය වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 690 අහිමි වී ගියත් කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ලන්වීම ජේෂ්ඨ ඉංජිනේරුවරු කියා සිටිති.

නොරොච්චෝලේ ලක් විජය ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් 8 වැනි දා හදිසියේ අක්‍රිය වූ අතර එහි තුන්වන ජනන යන්ත්‍රය මාස තුනක තුනක කාලයකට නඩත්තුවක් සදහා නතර ඇත. ඒ අනුව එමගින් ජාතික විදුලි පද්ධතියට ලැබුණු මෙගාවොට් 540 අහිමි විය. මීට අමතරව සමනල වැවේ ජලය කෘෂිකාර්මික කටයුතු සදහා මුදාහැරීම නිසා ලබන 16 වන විට එමගින් පද්ධතියට එක් කළ මෙගාවොට් 150 ක් අහිමිව යන බවද ඔහු පැවසීය

නමුත් මේ වන විට හදිසි මිලදී ගැනීම යටතේ පුද්ගලික ඩීසල් බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ඊට අමතරව දකුණට විදුලිය ගෙන යාමට ඉදි කරමින් තිබියදී තේ වත්තක් නිසා නතර වී තිබෙන පොල්පිටිය, හම්බන්තොට අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් කළ හොත් ජාතික විදුලි පද්ධතියේ සමතුලිත භාවය රැක ගත හැකි බව ද ඔවූහු කියා සිටිති.

දැනට නොරොච්චෝලේ නොරොච්චෝලේ ලක්විජය දෙවන ජනන යන්ත්‍රයද ලබන 18 පමණ වන විට යළි සක්‍රිය වනු ඇත. එසේ වුවහොත් දෛනික විදුලි කප්පාදුවකින් තොරව රටටම අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකිවනු ඇත ඉංජිනේරුවෝ විශ්වාස පළ කරති.

ශිහාන් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *