කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා ලබාදුන් එන්නත් භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇති වූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් ඒ කිසිවක් පරීක්ෂණ මගින් තහවුරු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දිවයිනට ඊයේ ප්‍රකාශ කළේය.

ඇස් පෙනීමේ දුර්වලතාවන්, හිසේ කැක්කුම, ඇගපත වේදනාව, නිතර මහන්සිය දැනීම ඇතුළු විවිධ සංකූලතා කොවිඩ් එන්නත් භාවිතයෙන් පසු ඇතිවන බවට සමාජයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

මේ පිළිබඳව පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද පැවසීය.

ලෝක ජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ විශාලතම ප්‍රතිලාභය ජීවිත ආරක්ෂා කර දීම, කොවිඩ් එන්නත් හදිස්සියේ නිෂ්පාදනයක් නොවේ. පරීක්ෂණ පියවරයන් රැසක් කළ පසු ලබාගත් දත්ත තොරතුරු අනුසාරයෙන් තමයි මේ එන්නත් නිෂ්පාදනය වෙන්නේ. ලෝක ජනතාවගේ භාවිතය වෙනුවෙන් මෙම එන්නත් සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙන්නේ. covid එන්නත් පමණක් නෙවෙයි ඕනෑම එන්නතකින් යම් අඩු අතුරු ආබාධයක් හෝ කෙටි කාලීන සංකූලතාවක් සංකූලතාවන් ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා. මේ තත්ත්වය පුද්ගලයන් ලක්ෂයකට එකක් වගේ ඉතා සුළු ප්‍රතිශතයක්. එමනිසා covid 19 වයිරස මර්දන වෙනුවෙන් ලබාදුන් එන්නත් පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.

සුජීව තත්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *