අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ දී ඊයේ (10) පැවැත් වූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කළේය.
නිදහස් අධ්‍යාපනය වනසන රනිල් විජයදාස වාර්තාව ඉරා දමනු යන තේමාව යටතේ මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.
පාගමන කොටසක් හැව්ලොක් සිටි ආසන්නයෙන් ද තවත් කොටසක් නෙළුම් පොකුණ නෙලුම් පොකුණ රගහල ආසන්නයෙන් ද ආරම්භ වූ අතර එම පෙළපාලි දෙකටම පොලිස් ජල ප්‍රහාර එල්ල කළේය.
මෙම විරෝධතා පා ගමන් වලට එරෙහිව පොලිසියේ කොටුව හා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙන්ම වාරණ නියෝග ලබාගෙන තිබිණි.
ඒ ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා මාර්ගයන්හි මාර්ග හා පදිකවේදිකාව භාවිතා කරන මගීන්ට රියදුරන්ට අවහිරයක් වන අයුරින් විරෝධතා පා ගමන් යාම වළක්වාලමින් ය.
කැලණිය විශ්වවිද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සිසු සිසුවියන් නෙළුම් පොකුණ රඟහල අසලින් විරෝධතා පා ගමන ආරම්භ කළ අතර ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එයට එක් වීම සදහා හැව්ලොක් සිටි සිට පාගමන ආරම්භ කළහ.
මේ පා ගමන් දෙකටම පොලිස් ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරියේය.
මෙම පා ගමන හේතුවෙන් කොළඹ පුරහල සිට හැව්ලොක් සිටි දක්වා මාර්ග වල පැයක පමණ කාලයක් දැඩි වාහන තදබදයක් පැවතිණි.
පෙළපාලිය ආරම්භ වීමටත් පෙර සිටම පොලිසිය ජල ප්‍රහාරක රථ රදවා තබාගනිමින් මාර්ග බාධක යොදමින් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනු දැකගත හැකි විය.
මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක