ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර ඇති බවද අමාත්‍යවරයා කීය.

දිස්ත්‍රික්ක 10ක ගබඩා 39 විවෘත කර වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කලත් නියඟයත් සමඟ වී මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පැවසීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා විවෘත කළ ගබඩා හයක් වී නොලැබීම නිසා වසා දැමීමට පියවර ගත් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රටේ හදිසි ආහාර අර්බුදයකදී භාවිත කිරීම සදහා අමතර සහල් සංචිතයක් රජය සතුව නොපවතින බවද ඔහු සදහන් කළේය.

කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු කමිටු ශාලා අංක එකේ දී රැස් වූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. නාඩු වී කිලෝවක් රුපියල් 95 කට ද සම්බා කිලෝවක් 100කට ද සහ කීරි සම්බා කිලෝවක 110කට ද වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලැබේ.

අංජුල මහික වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *