විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉකුත් ජුනි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 477 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ගිය වසරේ (2022) ජුනි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම ඇමරිකානු ඩොලර් මිලියන 274ක් විය.

මේ අතර ගිය වසරේ (2022) මුල් මාස 6 දී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1610 ක්වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ (2023) මුල් මාස 6 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2823 දක්වාද වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *